දින 16 යි
Specific Tour
1 person
___
ඔබ උත්තම පූජාවෙන් දඹදිව යා යුත්තේ ඇයිබුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩසිටිමින් ආනන්ද හිමියන් අමතා දේශනා කළ මහා පරිනිබ්බාන සූත්‍ර යේ සඳහන් වන්නේ, සැදැහැතියන් දැක වැඳපුදා ගත යුතු ස්ථාන හතරක් ඇති බව ය.
එනම්.
1. බුද්ධෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය
2. සම්බුද්ධත්ව රාජ්‍යයට පත් වූ බුද්ධගයාව
3. දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ බරණැස
4. පරිනිර් වාණය සිදු වූ කුසිනාරාව ය.
අසූහාරදහසක් ධර් ම ස්කන්ධය දේශනා කළ අප මහා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ඒ පුණ්‍ය භූමි දැක වැඳ පුදා ඇති කර ගන්නා පැහැදීම, ශ්‍රද්ධාව, බුද්ධාලම්භණ ප්‍රීතිය ඔබට හිත වැඩ, හිත සුව පිණිස සසර පුරාවට මහා ආනුභාව සම්පන්න පිංකමක්ම වන්නේ ය. ඔබගේ දඹදිව ගමන, ඔබේ දෙමාපියන් දඹදිව යැවීම, ඔබගේ අමිල වූ සදාතනික ප්‍රාර්ථනාවක් ම විය.
ඒ ප්‍රාර් ථනාව සුපිංවත් ලෙසින්ම ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
බෞද්ධයෙක ලෙස වැද පුදා සිත් පහදා ගත යුතු සියලු සිද්ධස්ථාන එකක්වත් මග නොහැර නිවි සැනසිල්ලේ දැක බලා අපිරිමිත බුද්ධාලම්භණයෙන් සිත් පහදවා ගැනීමට නිරාමිස සුවයම අපේක්ෂා කරන පිංවතුන් පමණක් සංචාරය එක් වන්න.
මීළග කණ්ඩායම් පිටත්වීම් 2026 අගෝස්තු – නොවැම්බර් , 2027 පෙබරවාරි – අප්‍රේල්
දින 16 ක අංග සම්පූර් ණ සංචාරය සඳහා රු 2,30,000 පමණි
වැඩිහිටියන්ට සහ විශ්‍රාමික ගුරුවරුන්ට විශේෂ සහන

බුදුන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 45 ක ධර්ම ප්රචාරක කාලය තුළ වැඩිම වස් කාලයක් ගත කළේ සැවත් නුවරදීය. එම නිසා එම නගරය බෞද්ධ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී.
සැවත් නුවර අසල තිබෙන ජේතවනාරාමය බෞද්ධ ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ විහාරයකි. එය අනාථපිණ්ඩික මහා සිටුතුමා විසින් බුදුන් වහන්සේට පූජා කළ විහාරයකි.
ධම්මපද, සම්යුත්ත නිකාය, අංගුත්තර නිකාය වැනි ත්‍රිපිටකයේ බොහෝ දේශනා සැවත් නුවර ජේතවනාරාමයේදී සිදු විය.
සැවත් නුවරදී බුදුන් වහන්සේ යමක පටිහාරය (Twin Miracle) වැනි විශේෂ අද්භූත දර් ශන ද පෙන්වූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.
:- භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මූලගන්ධ විහාරය,
:- සිවලි මහරතන් වහන්සේ වැඩ සිටි කුටිය,
:- ගන්ධබ්බ රුක්ඛ මූල චෛත්‍ය,
:- අංගුලිමාල ස්තූපය
:- සුදත්ත සිටු මැදුර
:- රාහුල කුටිය
:- රාජිකාරාමය
:- සැරියුත් හිමි ධාතු ස්තූපය
:- අටපට්ටම් ළිඳ
:- ජේතවන පොකුණ
:- කරේරු ආරාමය
:- දම්සභා මණ්ඩපය
:- ආනන්ද කුටිය, ආනන්ද බෝධිය,
:- කෝසම්භ කුටිය
:- සක්මන් මළුව
:- අනේපිඬුසිටු මණ්ඩපය,
:- චින්චිමානවිකාව හා දේවදත් තෙරුන් අපාගත වූ තැන
:- ශ්‍රි ලංකාරාමය පන්සල
සැවත්නුවර රාත්‍රිය ගත කිරීම
සැවත් නුවරෙන් පිටවී උතුරු දිශාවට ගමන් කරන විට
ගොවිතැන් බිම්
කුඩා ඉන්දියානු ගම්මාන
ගංගා සහ කුඩා නගර
පසු කරමින් යාමට සිදු වේ.
ගමනේදී ඉන්දියාවෙන් නේපාලයට ඇතුළු වීමට සිදුවේ. බොහෝ වන්දනා කණ්ඩායම් යන්නේ
සෝනවුලි (Sonauli) සීමා පාලම හරහාය.
නේපාල විසා පාස්පොට් එකෙහි මුද්‍රණය කරවා ගත යුතු ය.
නේපාලයට ඇතුළු වූ පසු
භූමි පරිසරය තවත් හරිත වන අතර
බෞද්ධ වන්දනා ස්ථාන කිහිපයක් හමුවේ.
එදින රාත්‍රිය ̈ලුම්බිණියේ (නේපාලයේ) ගත කිරීම.

බුදුන් වහන්සේ උපත ලැබූ ස්ථානය ලෙස බෞද්ධයන්ට ඉතා පූජනීය ස්ථානය වන්නේ ලුම්බිණි ය. මෙය අද නේපාල රටේ පිහිටි ඉතා වැදගත් බෞද්ධ වන්දනා ස්ථානයකි.
බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලැබු ස්ථානයයි. පුරාණ කථා අනුව මහාමායා දේවිය තම පිය ගෙදරට යන ගමනේදී ලුම්බිණි උද්‍යානයේ විවේක ගන්නා අතරතුරදී සිද්ධාර් ථ කුමරු උපත ලැබූ බව සඳහන් වේ.

Leave a review