දින 16 යි
Specific Tour
30 people
___
ඔබ උත්තම පූජාවෙන් දඹදිව යා යුත්තේ ඇයි බුදුරජාණන් වහන්සේ පිරිණිවන් මංචකයේ වැඩසිටිමින් ආනන්ද හිමියන් අමතා දේශනා කළ මහා පරිනිබ්බාන සූත්‍ර යේ සඳහන් වන්නේ, සැදැහැතියන් දැක වැඳපුදා ගත යුතු ස්ථාන හතරක් ඇති බව ය.
එනම්.
1. බුද්ධෝත්පත්තිය සිදු වූ ලුම්බිණිය
2. සම්බුද්ධත්ව රාජ්‍යයට පත් වූ බුද්ධගයාව
3. දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කළ බරණැස
4. පරිනිර් වාණය සිදු වූ කුසිනාරාව ය.
අසූහාරදහසක් ධර් ම ස්කන්ධය දේශනා කළ අප මහා බුදු පියාණන් වහන්සේ වැඩ සිටි ඒ පුණ්‍ය භූමි දැක වැඳ පුදා ඇති කර ගන්නා පැහැදීම, ශ්‍රද්ධාව, බුද්ධාලම්භණ ප්‍රීතිය ඔබට හිත වැඩ, හිත සුව පිණිස සසර පුරාවට මහා ආනුභාව සම්පන්න පිංකමක්ම වන්නේ ය. ඔබගේ දඹදිව ගමන, ඔබේ දෙමාපියන් දඹදිව යැවීම, ඔබගේ අමිල වූ සදාතනික ප්‍රාර්ථනාවක් ම විය.
ඒ ප්‍රාර් ථනාව සුපිංවත් ලෙසින්ම ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
බෞද්ධයෙක් ලෙස වැද පුදා සිත් පහදා ගත යුතු සියලු සිද්ධස්ථාන එකක්වත් මග නොහැර නිවි සැනසිල්ලේ දැක බලා අපිරිමිත බුද්ධාලම්භණයෙන් සිත් පහදවා ගැනීමට නිරාමිස සුවයම අපේක්ෂා කරන පිංවතුන් සංචාරය එක් වන්න.
සෑම වසරකම පිටත්වීම් පෙබරවාරි – අප්‍රේල් දක්වා සහ අගෝස්තු – නොවැම්බර් දක්වා කණ්ඩායම් පිටත් වේ. පහසුම මාසය තෝරාගන්න.
දින 16 ක අංග සම්පූර් ණ සංචාරය සඳහා රු 2,30,000 පමණි
වැඩිහිටියන්ට සහ විශ්‍රාමික ගුරුවරුන්ට විශේෂ සහන
2026 සැප්තැම්බර් මස පැවැත්වෙන මීලග දඹදිව චාරිකාවට ලියාපදිංචිවීමට මෙම අකුරු මත Click කරන්න.

බුදුන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 45 ක ධර්ම ප්‍රචාරක කාලය තුළ වැඩිම වස් කාලයක් ගත කළේ සැවත් නුවරදීය. එම නිසා එම නගරය බෞද්ධ ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගනී.
සැවත් නුවර අසල තිබෙන ජේතවනාරාමය බෞද්ධ ඉතිහාසයේ ඉතා ප්‍රසිද්ධ විහාරයකි. එය අනාථපිණ්ඩික මහා සිටුතුමා විසින් බුදුන් වහන්සේට පූජා කළ විහාරයකි.
ධම්මපද, සම්යුත්ත නිකාය, අංගුත්තර නිකාය වැනි ත්‍රිපිටකයේ බොහෝ දේශනා සැවත් නුවර ජේතවනාරාමයේදී සිදු විය.
සැවත් නුවරදී බුදුන් වහන්සේ යමක පටිහාරය (Twin Miracle) වැනි විශේෂ අද්භූත දර් ශන ද පෙන්වූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.
:- භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි මූලගන්ධ විහාරය,
:- සිවලි මහරතන් වහන්සේ වැඩ සිටි කුටිය,
:- ගන්ධබ්බ රුක්ඛ මූල චෛත්‍ය,
:- අංගුලිමාල ස්තූපය
:- සුදත්ත සිටු මැදුර
:- රාහුල කුටිය
:- රාජිකාරාමය
:- සැරියුත් හිමි ධාතු ස්තූපය
:- අටපට්ටම් ළිඳ
:- ජේතවන පොකුණ
:- කරේරු ආරාමය
:- දම්සභා මණ්ඩපය
:- ආනන්ද කුටිය, ආනන්ද බෝධිය,
:- කෝසම්භ කුටිය
:- සක්මන් මළුව
:- අනේපිඬුසිටු මණ්ඩපය,
:- චින්චිමානවිකාව හා දේවදත් තෙරුන් අපාගත වූ තැන
:- ශ්‍රි ලංකාරාමය පන්සල
සැවත්නුවර රාත්‍රිය ගත කිරීම
සැවත් නුවරෙන් පිටවී උතුරු දිශාවට ගමන් කරන විට
ගොවිතැන් බිම්
කුඩා ඉන්දියානු ගම්මාන
ගංගා සහ කුඩා නගර
පසු කරමින් යාමට සිදු වේ.
ගමනේදී ඉන්දියාවෙන් නේපාලයට ඇතුළු වීමට සිදුවේ. බොහෝ වන්දනා කණ්ඩායම් යන්නේ
සෝනවුලි (Sonauli) සීමා පාලම හරහාය.
නේපාල විසා පාස්පොට් එකෙහි මුද්‍රණය කරවා ගත යුතු ය.
නේපාලයට ඇතුළු වූ පසු
භූමි පරිසරය තවත් හරිත වන අතර
බෞද්ධ වන්දනා ස්ථාන කිහිපයක් හමුවේ.
එදින රාත්‍රිය ̈ලුම්බිණියේ (නේපාලයේ) ගත කිරීම.

බුදුන් වහන්සේ උපත ලැබූ ස්ථානය ලෙස බෞද්ධයන්ට ඉතා පූජනීය ස්ථානය වන්නේ ලුම්බිණි ය. මෙය අද නේපාල රටේ පිහිටි ඉතා වැදගත් බෞද්ධ වන්දනා ස්ථානයකි.
බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමරු ලෙස උපත ලැබු ස්ථානයයි. පුරාණ කථා අනුව මහාමායා දේවිය තම පිය ගෙදරට යන ගමනේදී ලුම්බිණි උද්‍යානයේ විවේක ගන්නා අතරතුරදී සිද්ධාර් ථ කුමරු උපත ලැබූ බව සඳහන් වේ.
ලුම්බිණියේ අද තිබෙන ප්‍රධාන පූජනීය ස්ථානය වන්නේ මයා දේවි විහාරයයි. මෙය බුදුන් වහන්සේ උපන් ස්ථානය සලකුණු කරන විහාරයකි.
එහි ඇතුළත පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පැරණි නටබුන් දැකගත හැක.
අශෝක ස්තූපය / අශෝක ස්ථම්භය
අශෝක රජතුමා බුදු දහමට අනුගත වූ පසු ලුම්බිණියට පැමිණ අශෝක ස්ථම්භය පිහිටුවා ඇත. මෙම ස්ථම්භයේ ලිපියක “මෙය බුදුන් උපන් ස්ථානය” යැයි සඳහන් වේ. ඒ නිසා ලුම්බිණිය බුදුන් උපන් ස්ථානය බව ඉතිහාසයෙන් තහවුරු වෙයි.
අළුතෙන් සොයාගන්නා ලද රන් පත්‍රය හමු වූ ස්ථානය සහ සිදුහත් කුමරුගේ පා සලකුණ දැන් නැරඹීමට හැකිය.
:- අශෝක කුළුණ
මායා පොකුණ
ලුම්බිණි සාල වනෝද්‍යානය.
සුද්ධෝදන රජතුමාගේ රාජ්‍ය නම් ශාක්‍ය ජනපදය ඉන්දියාව සහ නේපාලය වෙන්වීමේදී කොටස් දෙකකට වෙන්වී ඇත. මෙය කපිල වස්තු නමින් හැඳින් වේ. ලුම්බිණිය ආසන්යේ පිහිටා ඇත.
සුද්ධෝදන රජමාලිගාවේ නටබුන්
සුද්ධෝදන රජතුමා විසින් සිද්ධාර් ථ කුමරුන්ට නිර් මාණය කළ රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගා නටබුන්
ශාක්‍යයන් විසින් පුජා කළ කාමර 37 න් යුත් නිග්‍රෝ ධාරාමය
බුදුරජාණන් වහන්සේගේ නෑදෑයින්ට ලැබුනු ධාතු තැන්පත් කළ චෛත්‍ය – සර් වඥධාතු ස්තූපය නටඹුන් දැකිය හැක.
කපිලවස්තුපුර, කිඹුල්වත් නුවර ලෙස සැලකෙන තිලාවුර්කෝට් නැරඹීම
පූරාණ කපිලවස්තුපුර
අභිණිෂ්ක්‍රමණ දොරටුව,
ආරාම විහාර නටබුන්
ආදි ස්ථාන දැකබලා වැඳපුදා, කුසිනාරාව බලා පිටත්වීම

බුදුන් වහන්සේ පිරිණිවන් පෑ ස්ථානයේ පිරිනිවන් විහාරය නමින් විහාරයක් ඇත.
පිරිනිවන් පා වදාළ ස්ථානය – පිරිනිවන් මංචකය
ශ්‍රී දේහය ප්‍රදර් ශනය වේදිකාව
අඟුරු සෑය
පිරිනිවන් සෑය
ආදාහන චෛත්‍ය,මකුට බන්ධන චෛත්‍යය
අවසන් වරට පැන් වැළඳු ස්ථානය (මාතාකුහ විහාරය)
හිරන්‍යවති නදිය
සම්බුද්ධ පරිණිර් වාන මංචකයේ දී සුවිශේෂ රන් සළු පූජාව සහ චීවර පූජාව.
වජ්ජි රජ වරුන් ලොව පළමු සමුහ ආණ්ඩු ක්‍රමයට රට පාලනය කළ විශාලා මහ නුවරදී…
වාලුකාරාමය
අශෝක ස්ථම්භය
ආනන්ද ස්ථූපය
ධාතු ස්ථූපය
වජ්ජි රජවරුන්ගේ අභිෂේක පොකුණ
දොළොස් අවුරුද්දක් පුරා පැවති මහා දුර් භික්ෂය දුරු කරමින් බුදුරජාණන් වහන්සේ විසින් රතන සූත්‍රය දේශනා කළ ස්ථානය
උන්වහන්සේ පස්වෙනි වස ගත කළ කුඨාගාර ශාලාව
රාජාභිශේක පොකුණ
ආනන්ද ස්තූපය
ලිච්ඡවි පොකුණ,
මෙතෙක් ඉන්දියාවේ නිරුපද්‍රීතව පවතින අශෝක රජු විසින් කරවන ලද සිංහ රූප සහිත අශෝක කුළුණ,
බුදුරජුන්ගේ ධාතු තැන්පත් කළ චෛත්‍යය,
දැක බලා විශාලා මහනුවර නතරවීම
සැරියුත් මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළ ස්තූපය
ජපන් සාම ස්තූපය
වේලුවනාරාමය
සප්තපර් ණි ගල් ගුහාව
ගිජ්ජකූට පර් වතය
ගල් පෙරලු තැන
වාලසංඝාටය
විඩූහ කුමරුන්ගේ ගැල් 500 එරුණු ස්ථානය,
බිම්බිසාර රාජ සිරමැදිරිය
ජීවක අඹ වනය
තපෝධා නදිය,
වැඳපුදා බුද්ධගයාව වෙත පිටත්වීම